හමුදා කුමන්ත්‍රණයකින් පසු, සුඩාන අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන අබ්දුල්ලා හැම්ඩොක් නිවාස අඩස්සියට පත් කිරීමට කුමන්ත්‍රණය මෙහෙය වු හමුදා ප්‍රධානීහු කටයුතු කළහ.
වසර ගණනාවක් සුඩානයේ ජනාධිපති ලෙස කටයුතු කළේ ඕමාර් අල් බෂීර්ය. 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ද ඔහු ජයග්‍රහණය කළ නමුත් සුඩාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් හෝ එම දේශපාලන කණ්ඩායම්වලට සහාය දක්වන සුඩාන වැසියන් හෝ ඕමාර් අල් බෂීර්ගේ එම ජයග්‍රහණය පිළිගත්තේ නැත.
දිගින් දිගටම විරෝධතා එල්ල වෙද්දී, පාලක මණ්ඩලයකට බලය පවරා දී ඕමාර් අල් බෂීර් ධුරයෙන් ඉවත් විය. 2023 වසරේ යළි මැතිවරණයක් පැවැත්වෙන තුරු එම ස්වාධීන පාලක මණ්ඩලය යටතේ අන්තර්වාර රජයක් පිහිටුවිණි.
එදා සිට මේ දක්වා පැවැතියේ එම අන්තර්වාර රජය වන අතර, ඊට නායකත්වය දුන්නේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන අබ්දුල්ලා හැම්ඩොක්ය.
කෙසේ සුඩානය දිගින් දිගටම දේශපාලන අර්බුද රැසකට මුහුණ දෙන්න වූ අතර, එයින් ජනතාව දැඩි ලෙස පීඩාවට පත් විය. අග්‍රාමාත්‍ය අබ්දුල්ලා හැම්ඩොක් පමණක් නොව, ඔහුගේ මාධ්‍ය උපදේශක, බලය පැවැරුණු ස්වාධීන පාලක මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනකු හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත්, ඔවුන් ද නිවාස අඩස්සියට පත් කෙරුණු බවත් වාර්තා වේ.
(රොයිටර්)