සුඩාන හමුදා ප්‍රහාරයන් සිවිල් වැසියෝ 120 ක් මරුට


සුඩාන හමුදාව, ඔම්ඩුරාමන් නගරයේ බෙදුම්වාදී කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් ෂෙල් වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කළ බවත්, එයින් සුඩාන සිවිල් වැසියන් 120 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.

ෂෙල් වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ ගණන 500 ක් බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඔම්ඩුරාමන් නගර බලධාරීහු පවසති. සුඩානය යනු අප්‍රිකා රාජ්‍යයකි. සුඩානයේ සිවිල් යුද්ධයක් පවතින්නේ මාස 21 ක් තිස්සේය.

එම සිවිල් යුද්ධය හේතුවෙන් සුඩාන සිවිල් වැසියෝ දස දහස් ගණනක් මියගිය බවත්, මිලියන 12 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමිවී ඇති බවත් පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)