සුඩානයේ ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයන් නෑ


ගැටුම් හට ගැනීමත් සමඟ සුඩානයේ කර්ටෝම් අගනුවර සිටි සියලු ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයන් එරටින් ඉවත් කර ගත් බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

අවි ගැටුම් මැද එම රාජ්‍ය තාන්ත්‍රිකයන් සුඩානයෙන් ඉවත් කිරීම සිදුවූයේ ඇමෙරිකන් නේවි සීල් සික්ස් භටයන්ගේ සහාය ඇතිවය.

හමුදා හෙලිකොප්ටර් යානා තුනක් යොදා ගනිමින් රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉවත් කිරීම අසුරැ සැණින් සිදු කළ බව ජනාධිපති බයිඩන් පවසා ඇත.

ඉවත් කෙරුණු ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයන් ගණන 90 කි. ඔවුන් ජිබුර්ටි රාජ්‍යයට රැගෙන ගිය බව පැවැසෙයි.

(බීබීසී)