සුඩානයේ එල් එෆාර් නගරයේ රෝහලකට ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් 70 දෙනකු මියගිය බව පැවැසෙයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද සිය අප්‍රසාදය පළ කර ඇතැයි පැවැසෙයි. මියගිය පිරිසට අමතරව තවත් 19 දෙනකු තුවාල ලැබූ බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැත. ප්‍රහාරය එල්ල වෙද්දී රෝහල රෝගීන්ගෙන් පිරී පැවැතිණි.
(ඒ.එෆ්.පී.)