අල්ලස් චෝදනා සම්බන්ධයෙන් හමුදා අධිකරණයක් හමුවේ වරදකාරිය වූ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ට තවත් තෙවසරක සිර දඬුවමක් නියම විය.
ඒ අනුව, සූ කී ට මෙතෙක් හිමිවී ඇති සිරදඬුවම් කාලය වසර 26 ක් තෙක් දීර්ඝ වනු ඇතැයි පැවැසෙයි. අල්ලස් ගැනීම සම්බන්ධයෙන් 77 හැවිරිදි සූ කී ට එල්ල වී තිබුණු සියලු චෝදනා සම්බන්ධයෙන් ඇය වරදකාරිය වූ බව ද පැවැසෙයි.
මේ අතර, තමන් කිසිදු ආකාරයක වරදක් කර නොමැති බව අවුන් සාන් සූ කී තරයේ පවසා තිබේ. තවත් දූෂණ චෝදනා කීපයක් සූ කී ට එල්ල වී ඇති අතර, ඒවා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වීමට නියමිතය.
(ඒ.එෆ්.පී.)