සූ කීට තවත් වසර 3 ක සිරදඩුවමක්


හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් නෙරපා දැමුණු මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කීට බරපතල වැඩ සහිතව  තවත් වසර තුනක සිර දඬුවමක් නියම විය.

මෙම සිර දඬුවම නියම වූයේ මැතිවරණ වංචා සම්බන්ධයෙන් එල්ල වුණු චෝදනාවලට ඇය වරදකාරිය කරමිනි. ඒ අනුව සූ කී ට බරපතල වැඩ සහිත වසර 3 ක සිර දඬුවමක් හිමිවන බව පැවැසෙයි.

මෙම වසර තුනක සිර දඬුවමට අමතරව, 77 හැවිරිදි ප්‍රජාතන්ත්‍රවාදී නායිකා සූ කී ට, මීට පෙර පැවති නඩු වලදී වසර 17 ක සිරදඬුවමක් නියම වී තිබූ අතර, ඒ අනුව ඇගේ සම්පූර්ණ සිර දඬුවම් කාලය වසර 20 කි.

2020 වසරේ නොවැම්බරයේ මියන්මාර මහ මැතිවරණය පැවැත්විණි. එයින් ද සු කී ප්‍රමුඛ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී ලීගය විශිෂ්ඨ ජයක් හිමිකර ගත් නමුත් මියන්මාර හමුදාවට පක්ෂ, විපක්ෂ දේශපාලනය කණ්ඩායම් ඊට විරෝධය දැක්වීය. ඉන්පසු හමුදාව යළි බලය අල්ලා ගත් අතර, එම මහ මැතිවරණයේදී සූ කී වංචා සිදු කළා යැයි පවසමින් නඩු ගොනු කෙරුණි.

සූ කී සහ ඇයගේ පක්ෂය එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, මැතිවරණ ජයග්‍රහණය සාධාරණව ලබා ගත් එකක් බව අවධාරණය කරන්න විය.

මියන්මාරයේ හමුදා ජුන්ටාව, සූකී ට නිල රහස් පනත උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා, දූෂණ චෝදනා සහ මැතිවරණ වංචා පිළිබඳ  චෝදනා මාලාවක් එල්ල කර ඇති අතර, එම චෝදනා සියල්ලටම ඇය වැරදිකාරිය වුවහොත් ඇයට හිමිවන සිරදඬුවම් කාලය වසර 190 ක් පමණ වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)