බටහිර අප්‍රිකාවට අයත් සෙනගාල් රාජ්‍යයේ කෆිරීන් නමැති පළාතේ සිදුවුණු බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරකින් 39 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 100 කට වැඩිය.
එක් බස් රථයක රියදුරකුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුවුණු බව පොලිසිය පවසා තිබේ. සෙනගාලයේ මාර්ග අනතුරු බහුලය. ඒ, මාර්ග ඉතා අබලන් තත්ත්වයක පවතින බැවිනි.
කෙසේ නමුත් එක අනතුරකින් වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්වුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.
(රොයිටර්)