සෞඛ්‍ය නීති කැඩූ නෝර්වේ අගමැතිනියට දඩ


'කොවිඩ් 19' නව කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ තහංචි පනවා තිබියදී, ඒ ගැන කිසිදු තැකීමක් නොකර, සිය උපන් දිනය සමරමින් සාදයක් පැවැත්වූ නෝර්වේ අගමැතිනී එර්නා සොල්බර්ග් ට දඩ නියම කළ බව එරට පොලිසිය කියයි.

නෝර්වේ සෞඛ්‍ය අංශ පනවා ඇති නීතිවලට අනුව, කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පුද්ගලයන් 10 දෙනකුට වඩා එක්රැස් නොවිය යුතු අතර, සැමවිටම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගත යුතු වෙයි.

අගමැතිනිය, එම සෞඛ්‍ය නීතී සම්බන්ධයෙන් පිළිබ‍ඳ කිසිදු තැනීමක් නොකර, පසුගිය පෙබරවාරියේ, සිය 60 වැනි උපන් දිනය සමර ඇත්තේ, කඳුකරයේ නිවාඩු නිකේතනයකදීය.

උපන් දිනය වෙනුවෙන් පැවැති සාදයට ඇය ඇගේ ඥාතීන් 13 දෙනකුට ඇරයුම් කර ඇත. සාදය සැලැසුම් කර ඇත්තේ අග්රාදමාත්යුවරිය සහ ඇගේ සැමියා එක් වෙමිනි.

කෙසේ නමුත් පුද්ගලයන් 10 දෙනකුට වඩා එක්රොක් විය නොහැකි යැයි යන තහංචිය හේතුවෙන් අගමැතිනියට නොර්වේ ක්‍රෝන් 20,000 ක් (ඇමෙරිකන් ඩොලර් 2,352) දඩ ගෙවීමට සිදුවී ඇති බව පොලිස්පති ඕලේ සොවාද් පවසයි.

'නීතිය කාටත් පොදුයි. අගමැතිනිය කියා විශේෂත්වයක් නැහැ. වරදක් කළා නම් දඩුවම් ලැබිය යුතුයි.' යැයි පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.

ඔස්ලෝ නුවරදීය (රොයිටර්)