සෞදි ප්‍රමුඛ සන්ධානයට අයත් ප්‍රහාරක යානයක් යේමනයේ උතුරු පළාතේ අල්-ජවුෆ්හි දී කඩාවැටී තිබේ.
යේමනයේ හමුදා ඒකක අසළ ආධාරක මෙහෙයුමක යෙදෙමින් සිටියදී මෙම ප්‍රහාරක ජෙට් යානය කඩා වැටී ඇතැයි සෞදි රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
යේමනයේ හවුති කැරළිකරුවන් පැවසුවේ ඔවුන් යානයට වෙඩි තැබූ බවය.යානය බිම දැමීම සඳහා ගොඩබිම සිට මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඔවුන් පවසා ඇත.
සෞදි ප්‍රමුඛ සන්ධානය අල්-ජවුෆ් වෙත එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් 30දෙනකු පමණ මියගිය බවට හවුති කැරළිකරුවෝ චෝදනා කරති.
කෙසේවුවද අනතුරට හේතුව හෝ මියගිය අය සම්බන්ධව සෞදි අරාබිය කිසිදු තොරතුරක් නිකුත් කර නොමැත.
සෞදි ප්‍රමුඛ සන්ධානය සෑම දිනකම පාහේ ගුවන් ප්‍රහාර එල්ල කරන අතර හවුති කැරළිකරුවෝ බොහෝවිට සෞදි අරාබියට මිසයිල ප්‍රහාර එල්ල කරති.
(බීබීසි ඇසුරිණි - 085)