හංගේරියානු මහ මැතිවරණය පැවැත්වුණු අතර, තව දුරටත් බලයේ රැදී සිටීමට, ජාතිකවාදී අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බාන් සමත් විය.
අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන්නේ දක්ෂිණාංශික ‘ෆිඩේස්’ පක්ෂයයි. සියයට 94 ක් ඡන්ද ගණන් කර අවසන් වෙද්දී, ‘ෆිඩේස්’ පක්ෂය සියයට 53 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන තිබුණැයි මැතිවරණ බලධාරින් පවසා ඇත.
විපක්ෂයට නායකත්වය දුන්නේ පීටර් මාර්කී සේයි ය. ඔහුට දිනා ගැනීමට හැකිවූයේ සියයට 35 ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් බව ද පැවැසෙයි.
(බීබීසී)