අසල්වැසි යුක්රේන රාජ්‍යයේ යුද ගැටුම් හේතුවෙන් පැන නගින අභියෝග වලට ඉක්මණින් ප්‍රතිචාර දැක්වීම සඳහා හංගේරියාව තුල හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරන බව හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් ප්‍රකාශ කළේය.
හතරවෙනි වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස වික්ටර් ඕර්බන් අප්‍රේල් මස මුල් සතියේ තේරී පත්වූවේය.
සිය මුහුණු පොතේ තැබූ වීඩියෝ පටයක් මගින් යුක්රේනයේ පවතින යුද්ධය හේතුවෙන් හංගේරියාවේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවත් මූල්‍ය සහ බලශක්ති සුරක්ෂිතතාවයට ඉන් තර්ජනයක් ඇති විය හැකි බවත් අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් පැවසුවේය.
අසල්වැසි රටක සන්නද්ධ ගැටුමකදී, යුද්ධයකදී සහ මානුෂීය විපතකදී හදිසි නීතිය ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දෙමින් ඊයේ (24) හංගේරියාවේ පාලක පක්ෂය සිදු කළ ව්‍යවස්ථා සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් මෙසේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේය.