හංගේරියාවට නව ජනපතිවරයෙක්


හංගේරියානු පාර්ලිමේන්තුව රැස්වී නව ජනාධිපති ලෙස 67 හැවිරිදි ටමාස් සුල්යෝක් එම ධුරයට තෝරා පත් කර ගැනුණි.

හංගේරියාව පාර්ලිමේන්තුව නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැණුනේ, ජනාධිපති ධුරයේ කටයුතු කළ කැටලින් නොවාක් ධුරයෙන් ඉවත් වීමෙන් පසුවය.

කැටලින් නොවාක් ධුරයෙන් ඉවත් වූයේ, කුඩා දරුවන් ලිංගික අපයෝජනයට ලක් කළ තැනැත්තකුට සමාව දීමට පියවර ගැනීම සහ ඊට දැඩි ජනතා විරෝධයක් එල්ල වීම හේතුවෙනි.

හංගේරියාවේ ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදු කරන්නේ පාර්ලිමේන්තුවය. හංගේරියාවේ බලයේ සිටින්නේ ‘ෆිදේස්’ දේශපාලන පක්ෂයයි. අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ, වික්ටෝර් ඔර්බාන්ය.

ධුරයෙන් ඉවත් වුණු කැටලින් නොවාක්, හංගේරියාවේ ජනාධිපති ධුරයට පත් වී සිටි පළමු කාන්තාව ද වූවාය.