හදුනා නොගත් කොරෝනා ප්‍රභේදයක්


මෙතෙක් හදුනා නොගත් කොරෝනා වයිරස් ප්‍රභේදයක් ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයෙන් වාර්තා වෙයි.

කොරෝනා වයිරසය සොයා අපජලය පරික්ෂා කළ අවස්ථාවේ මෙම ප්‍රභේදය පිළිබඳ පරීක්ෂකයන් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.

මෙම ප්‍රභේදය නිව්යෝර්ක් නුවර හෝ ඇමෙරිකාව තුල තවමත් වාර්තා නොවූ එකක් බව පර්යේෂකයන් පවසයි.

වතුර යට අවුරුද්දකට වැඩි කාලයක් මෙම අභිරහස් ප්‍රභේදය තිබී ඇත. එම නිසා මෙයින් මිනිසුන්ට අනතුරක් නැතැයි පර්යේෂකයන් පවසයි.

මෙය මීයන්ගෙන් හෝ පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමට නොහැකි වූ රෝගීන්ගෙන් පැමිණෙන්නට ඇතැයි පර්යේෂකයෝ විශ්වාස කරති.

පර්යේෂකයන් පවසන්නේ මෙම අභිරස් ප්‍රභේදයේ ආරම්භය සොයා ගැනීම ඉතාමත් වැදගත් බවයි.

(විමුක්ති එස් රුද්‍රිගු - නිව්යෝක් ටයිම්ස්)