හමාස් නායකයා - ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ?


2023 ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාර සහ ඊට ප්‍රතිචාර දක්වමින්, ඊශ්‍රායලය ගාසා තීරයට පහර දීම මුල්කොට ගනිමින්, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවුණු බව පෙන්වා දෙමින්, හමාස් නායක යාහියා සින්වාර් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය, වරෙන්තු ඉල්ලා සිටී.

ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ ආරක්ෂක අමාත්‍ය ගැලන්ට්, තවත් හමාස් නායකයන් වන මොහොමද් ඊබ්‍රහීම් අල් මසාරි, මොහොමඩ් ඩියේෆ්, සහ හමාස් දේශපාලන නායක ඉස්මායිල් හානියේ ඇතුළු පිරිසක් සඳහා ද ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා ඇතැයි පැවැසෙයි.