හමාස් නායකයෝ තිදෙනෙක් මරුට


තම හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින්, ගාසා තීරයේ හමාස් නායකයන් තිදෙනකු ඝාතනය වූ බව ඊශ්‍රායලය පවසයි.

මෙම හමාස් නායකයන් ඝාතනය කෙරුණේ, ගාසා තීරයේ ගැටුම් හේතුවෙන් අන්ත අසරණ වූ පලස්තීන වැසියන් රැඳී සිටින කඳවුරු ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරයකිනි.

එම ප්‍රහාරයෙන් පලස්තීන සිවිල් වැසියන් 19 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තවත් කීප දෙනකු සුන්බුන් අතරේ සිරවී සිටින බවත් පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)