හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමටත්, සටන් විරාමයකට යෑමටත් ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සහ හමාස් සංවිධානයේ නියෝජිතයන් අතරේ එකඟත්වයක් ඇති කර ගත් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.
එසේ වුවත්, අවසන් මොහොත් හමාස් සංවිධානය ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම සහ සටන් විරාමයේ කොන්දේසි වෙනස් කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා යැයි ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා චෝදනා කරයි.
ප්‍රාණඇපකරුවන් නිදහස් කරමින් සටන් විරාමයක් සඳහා සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ කටාර් රාජ්‍යයේ දෝහා නුවරදීය. එම සටන් විරාමය සම්බන්ධයෙන් මැදහත්කරු ලෙස කටයුතු කළේ කටාර් බලධාරීන්ය. ඊට අමතරව, ඇමෙරිකාව ද එම සාකච්ඡා සඳහා සම්බන්ධ වී සිටී.