ගාසා තීරයේ, දකුණු දෙසින් පිහිටි, යූනිස් ඛාන් නගරයේ හමාස් සටන්කාමීන්ගේ බලය සම්පූර්ණයෙන් බිඳ දැමීමට තම හමුදාව සමත් වී ඇති බවත්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් ආරම්භ කිරීමෙන් පසු, මේ දක්වා මියගිය හමාස් සටන්කාමීන් ගණන 10,000 ඉක්මවා ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් පවසයි.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ, තම හමුදා එල්ල කළ ප්‍රහාරවලින්, තවත් හමාස් සටන්කාමීන් 10,000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවය.