හමුදා පාලනයට එරෙහිව සටන් අරඹනවා


හමුදා පාලනයට එරෙහිව අද සිට සටන් වදින බව මියන්මාරයේ ජාතික සමඟි ආණ්ඩුව ප්‍රකාශ කරයි.

මියන්මාරයේ හමුදා පාලනයට විරුද්ධවාදීන්ගෙන් මියන්මාරයේ ජාතික සමඟි ආණ්ඩුව නිර්මාණය වී තිබෙන අතර මියන්මාරයේ සිවිල් පාලනය, මියන්මාරයේ විකල්ප ආණ්ඩුව යනාදියෙන් ද හැඳින්වේ.

මියන්මාරයේ හමුදා ජුන්ටාවට එරෙහිව සටන් වදින බව සිය නව උපායමාර්ගය ප්‍රකාශයට පත් කරමින් ජාතික සමඟ ආණ්ඩුවේ වැඩබලන ජනාධිපති දුවා ලාෂි පැවැසීය.

හමුදාව විරුද්ධ සන්නද්ධ කණ්ඩායම්, ජනවාර්ගික කොටස්, සිවිල් සංවිධාන යන බොහෝමයකින් මෙම විකල්ප ආණ්ඩුව නිර්මාණය වී තිබේ. මියන්මාරයේ ජාතික සමඟි ආණ්ඩුව ඡායා ආණ්ඩුව ලෙස හැඳින් වේ. එහි ඇතැම් පාර්ශව සැඟවී හෝ පිටුවහල් කිරීමට ද ලක්ව ඇත.

අද සිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බවත් රජයේ ස්ථානවල සිටින සියලු නිලධාරීන් එම ස්ථානවලින් ඉවත් විය යුතු යැයි ද මියන්මාරයේ විකල්ප ආණ්ඩුව ප්‍රකාශ කර ඇත.

(රොයිටර්)