දකුණු කොරියාවේ වයස අවුරුදු 18 ත් 28 ත් අතර අබාධිත නොවන පිරිමින් සියලු දෙන මාස 18 ත් 21 ත් අතර කාලයක් හමුදා සේවයේ අනිවාර්යයෙන් නිරත විය යුතු වේ.
වයස 18 ත් 28 ත් අතර දකුණු කොරියානු පිරිමින්ට අනිවාර්ය හමුදා සේවය මඟ හැරීමට අවස්ථාවක් ලබා දීමට දකුණු කොරියානු රජය තීරණය කර ඇතැයි ටයිම් සඟරාව වාර්තා කර තිබේ.
දකුණු කොරියානු පිරිමි පුද්ගලයකු වයස අවුරුදු 30 ඉක්මවීමට පෙර දරුවන් 3 තුන්දෙනකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක පියෙකු වී සිටියහොත් අනිවාර්ය හමුදා සේවයෙන් මිදීමට ඉඩ ප්‍රස්ථාවක් තිබෙන බව ටයිම්ස් සඟරාව පෙන්වා දී ඇත.
මෙය දකුණු කොරියාවේ ළදරු උපත් අනුපාතය ඉහළ දැමීමට එරට රජය ගත් උත්සාහයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය මස දත්ත වාර්තා වලට අනුව ලෝකයේ අඩුම ළදරු උපත් අනුපාතය සටහන් වන්නේද දකුණු කොරියාවේ වීම විශේෂත්වයකි.
(රොයිටර්)