පාකිස්තාන හමුදාපති ධුරය, ලුතිනන් ජනරාල් අසීම් මුනීර් ට හිමිවනු ඇතැයි හරට මාධ්‍ය වාර්තා පවසයි.
මේ වනවිට පාකිස්තාන හමුදාපති ධුරය සඳහා ලුතිනන් ජනරාල් අසීම් මුනීර් සුදුසු බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මෙන්ම එරට ජනාධිපති අරීෆ් අලී ද පිළිගෙන තිබේ.
පාකිස්තාන හමුදාපති ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීමට සිදුවී ඇත්තේ, එම ධුරයේ කටයුතු කරන ජනරාල් කමාර් ජාවද් බජ්වා ලබන නොවැම්බර් 29 වැනිදා එම ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිත බැවිනි.
(එන්.ඩී.ටීවී.)