හමුදාවට නව සාමාජිකයන් බඳවා ගන්න - පුටින් අණ දෙයි


රුසියන් හමුදාව තවත් ශක්තිමත් කරමින්, කඩිනමින් හමුදාවට නව සාමාජිකයන් බඳවා ගන්නැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අණ දී තිබේ.

රුසියන් හමුදාව නිවේදනය කර ඇත්තේ නව සාමාජිකයන් ලක්ෂ 3 ක් බඳවා ගැනීමට කටයුතු කරන බවය. රුසියන් හමුදාව මේ අයුරින් එරට හමුදාව ශක්තිමත් කර ගැනීම සිදුවන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව යැයි ද පැවැසෙයි.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් රුසියාවට න්‍යෂ්ටික තර්ජන එල්ල වන්නේ නම්, එවැනි තර්ජනවලට මුහුණ දීමට ශක්තිමත් හමුදාවක් සිටිය යුතු බවත්, ඒ ගැන සිතා හමුදා සහ ආරක්ෂක මණ්ඩල නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙසේ හමුදා සාමාජිකයන් බඳවා ගන්නා බව ජනාධිපති පුටින් පැහැදිලි කර ඇත.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් රුසියාවට න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇතැයි බියක් හටගෙන ඇත්තේ රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමිනි.

(රොයිටර්)