ධුරයෙන් නෙරපා දැමූ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට සහ ඇගේ සමීපතම ඥාතීන්ට ලබා දී තිබුණු ආරක්ෂාව සහ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර අහෝසි කිරීමට බංග්ලාදේශ නව අන්තර්වාර රජය පියවර ගෙන ඇත.
බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස් සහ උපදේශක මණ්ඩලය, හිටපු අගමැතිනී හසීනාට සහ ඇගේ සමීපතම ඥාතීන්ට ලබා දී තිබුණු විශේෂ ආරක්ෂාව ඉවත් කළේ, 2021 දී සංශෝධයනට කර තිබුණු, එරට විශේෂ ආරක්ෂක බලකා පනත යළි සංශෝධනය කරමිණි.
විශ්ව විද්‍යාල සිසුන්ගේ අරගලය මධ්‍යයේ, බංග්ලාදේශයෙන් පලා ගියේ ඉන්දියාවටය. ඇය තවමත් ඉන්දියාවේ රැඳී සිටින බව වාර්තා වේ. ෂෙයික් හසීනා උත්සාහ ගන්නේ, මහා බ්‍රිතාන්‍යයට යෑමට යැයි ද පැවැසෙයි. ඇය බ්‍රිතාන්‍යයට ගියේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් කිසිවක් වාර්තා වී නැත.