පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමත් සමඟ කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි ධුරයෙන් පෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාකිස්තාන මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තය යනු එරට වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තයයි. ප්‍රාන්ත සභාවේ ආසන 20 වෙනුවෙන් අතුරු මැතිවරණය පැවැත්වූයේ පසුගිය ඉරිදා (17) ය.
මැතිවරණ ප්‍රතිඵල ඊයේ (18) නිකුත් වෙද්දී ඉම්රාන් ඛාන් නායකත්වය දෙන ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය ප්‍රාන්ත සභාවේ ආසන 20 න් 15 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි. වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ ‘පාකිස්තාන මුස්ලිම් ලීගය එන්’ පක්ෂයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 4 ක් පමණි.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බලයෙන් නෙරපා දැමීම සිදුවූයේ පසුගිය අප්‍රේල් මාසයේය. ඒ, විපක්ෂ සන්ධානය ඉම්රාන්ට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුවය.
(රොයිටර්)