හිටපු ගරිල්ලා නායක ජනපති ධුරයට


කොලොම්බියාවේ පළමු වාමාංශික ජනාධිපතිවරයා ලෙස හිටපු ගරිල්ලා සාමාජික ගුස්රාවෝ පෙට්‍රෝ තේරී පත්විය.

ඒ, එරට ජනාධිපතිවරණයෙන් සියයට 50.5 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි.

ගුස්රාවෝ පෙට්‍රෝ ට අභියෝගයක් එල්ල වූයේ සෙනෙට් සභික සහ හිටපු නගරාධිපතිවරයෙකු වන රොඩොල්ෆෝ ෆර්නැන්ඩස්ගෙනි. රොඩොල්ෆෝ ෆර්නැන්ඩස් ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 47.3 කි.

(රොයිටර්)