මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස, හිමාල අඩවියේ හින්දු කුෂ් කලාපයේ ඇති ග්ලැසියර ඉතා වේගයෙන් දියවීමට පටන්ගෙන ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අගවති.
හිමාල අඩවියට පහළින් ජීවත් වන මිලියන 240 කට ජලය ලැබෙන්නේ මෙම ග්ලැසියරවලිනි. ග්ලැසියර හේතුවෙන් හටගන්නා ගංගා ඉන්දියාව බංග්ලාදේශය ඇතුළු ආසියානු රටවල් රැසක් පුරා විසිරී පවතී.
මෙම ගංගාවල ජලය පරිහරණයට ගන්නා පිරිස බිලියන 1.6 කට වැඩිය. හින්දු කුෂ් ග්ලැසියර දියවීම සිදුවන්නේ වෙනදාට වඩා සියයට 60 කට වැඩි වේගයකින් යැයි විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.