ඇමෙරිකාවේ නාසා ආයතනය, හිරු ගවේෂණයට යැවූ රොබෝ යානා දෙකකින් එකක්, වසර 17 කට පසු යළි පෘථිවිය ආසන්නයට පැමිණ තිබේ.
ස්ටීරියෝ ඒ නමැති එම යානය, පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
නාසා ආයතනය, ස්ටීරියෝ ඒ යානයත්, ස්ටීරියෝ බී යානයත් හිරු ගවේෂණයට යැවුවේ, 2006 ඔක්තෝබර් 25 වැනිදාය.
මුලින් ම අභ්‍යවකාශයට ගියේ ස්ටීරියෝ ඒ යානයයි. ස්ටීරියෝ බී යානය ඊට පසුපසින් ගමන් කළේය.
ස්ටීරියෝ බී යානය සමඟ සියලු සබඳතා 2014 වසරේ දී අවසන් විය. ඒ, එහි සූර්ය පැනල අක්‍රිය වීමෙනි.