දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර 14 ක සිරදඩුවමක් විදින 'තරීක් ඊ ඉන්සාෆ්' දේශපාලන පක්ෂයේ නායකයා මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයා ද වන ඉම්රාන් ඛාන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක් යවා ඇත. ඒ, නිමාවට පත් වුණු පාකිස්තාන මහ මැතිවරණය සම්බන්ධයෙනි.
ඉම්රාන් එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මිළඟ ණය වාරිකය මුදාහැරීමට පෙර මහ මැතිවරණය සම්බන්ධයෙන් විගණනයක් සිදු කළ යුතු බවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර පවසා තිබුණේ පාකිස්තාන නව රජයක් යටතේ කටයුතු කිරීමට තමන් සූදානම් බවය.