දකුණු ලෙබනනයේ පිහිටි හිස්බුල්ලා සටන්කාමීන්ගේ බලකොටුවක අද (22) පිපිරීමක් සිදුවී ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් අයින් කානා ගම්මානය දුමෙන් වැසී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
අන් කානා බේරූට් අගනුවරට දකුණින් කිලෝමීටර් 50 ක පමණ දුරින් පිහිටි ගම්මානයකි.
පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.
පිපිරීමෙන් තුවාල ලැබූවන් සිටින බව ආරක්ෂක අංශ සඳහන් කර ඇති නමුත් එම පිරිස කොපමණ සංඛ්‍යාවක් දැයි හෙළිකර නැත.
දකුණු ලෙබනනය හිස්බුල්ලා සටන්කාමීන්ගේ දේශපාලන බලකොටුවකි.
හිස්බුල්ලා සටන්කාමීන් ශියා මුස්ලිම් ජනවර්ගයට අයත් වන අතර දේශපාලනිකව මෙන්ම ආයුධ සන්නද්ධව ද ඔවුන් ප්‍රබල තත්ත්වයක පසුවන බව ආරක්ෂක අංශ පවසයි.
-226-
(අල්ජසීරා ඇසුරෙනි)