හොංකොං ව්‍යවස්ථාදායක මැතිවරණය ඇරැඹේ


චීනය, මැතිවරණ නීති වෙනස් කිරීමෙන් අනතුරුව, හොංකොං හි පැවැත්වෙන පළමු ව්‍යවස්ථාදායක මැතිවරණය ඊයේ (19) පැවැත්විණි.

නව මැතිවරණ නීති අනුව, අපේක්ෂකයන් ලෙස මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව හිමිවූයේ චීන හිතවාදී ‘දේශප්‍රේමී‘ ට පමණි.

මෙම 'දේශප්‍රේමීන්' හොංකොං 'ජාතික ආරක්ෂක විමර්ශන කමිටුවේ' අනුමැතිය ලැබූ අපේක්ෂකයන් විය යුතු යැයි ද නව මැතිවරණ නීතිවල සඳහන් වී ඇත.

හොංකොං ව්‍යවස්ථාදායක සභාවේ ආසන 90න් 20ක් සඳහා නියෝජිතයන්, සෘජු මහජන ඡන්දයෙන් තෝරා ගැනෙන අතර 40 දෙනෙක් මැතිවරණ කමිටුව මගින් පත් කර ගැනීම සිදුවෙයි.

ඊට අමතරව, ව්‍යවස්ථාදායක සභාවේ ආසන 30ක් වෙන් කර ඇත්තේ ව්‍යාපාරිකයන්, ග්‍රාමීය ජන කණ්ඩායම් වැනි සුවිශේෂී ක්ෂේත්‍ර සඳහාය.

(රොයිටර්)