‘කොවිඞ් 19’ වයිරස වසංගතය හේතුවෙන් මුහුණු ආවරණ අනිවාර්ය කරමින් පැනැවූ නීතිය ඉවත් කිරීමට හොංකොං බලධාරීන් කටයුතු කර තිබේ.
හොංකොං බලධාරීන් මෙසේ කටයුතු කර ඇත්තේ හොංකොං සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමිනි. මුහුණ ආවරණ අනිවාර්ය නීතිය මෙසේ ඉවත් කෙරුණේ දින 945 කට පසුවය
මුහුණු ආවරණ නොමැතිව ප්‍රසිද්ධ ස්ථානවල රැදී සිටින්නේ නම් හොංකොං ඩොලර් 10,000 ක දඩයක් ද නියම කර තිබුණි.
‘කොවිඞ් 19’ වයිරසයෙන් එල්ල වුණු බලපෑම කෙමෙන් පහව ගොස් ඇති බැවින් තව දුරටත් මුහුණු ආවරණ අනිවාර්ය නොවන බව හොංකොං සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
(ඒ.එෆ්.පී.)