බ්‍රිතාන්‍ය කොලනියක්ව පැවැති හොංකොං චීනයට පවරා දීමට විරෝධය පළ කරමින් පැවැති විරෝධතා අතරවාරයේදී 180කට අධික පිරිසක් අත්අඩංගුවට ගත්තේ යැයි හොංකොං පොලිසිය අද (1) ප්‍රකාශ කළේය.
හොංකොං චීනයට පවරා ගැනීමේ සංවත්සරය යෙදෙන දිනයේදී විරෝධතා හෝ රැලි පැවැත්වීම තහනම් වේ. එම විරෝධතා නොතකා දහස් ගණනක් හොංකොං නුවරද රැස්වූහ. එසේ රැස්වූ පිරිසක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
නීතිවිරෝධී රැස්වීම, නොහික්මුණු හැසිරීම සහ අපරාධ කළ හැකි අවි ආයුධ තබාගැනීම සහ අනෙකුත් අපරාධ චෝදනාවලට එම පිරිස අත්අඩංගුවට ගත්තේ යැයි ද හොංකොං පොලිසිය සඳහන් කළේය.