හොංකොං හි ආසාදිතයන් වැඩිවීමෙන් නව නීති පැනවෙයි


හොංකොංහි කොවිඩ් - 19 ආසාදිතයන් ඝිග්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට දැඩි දුරස්ථ ක්‍රියාමාර්ග පනවනු ඇතැයි වාර්තා වේ.

පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා හොංකොංහි කොරෝනා ආසාදිතයන් 1500කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර මරණ අටක් සිදුවී තිබේ.

පසුගිය පැය 24 තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 48කි.

ඔවුන්ගෙන් භාගයකට වැඩි පිරිසකට රෝගය බෝවුනේ කෙසේ දැයි සොයාගෙන නොමැති වීම බරපතල කාරණයක් බව බලධාරීහු පවසති.

මේ අවස්ථාවේදී රෝගය පහසුවෙන් ප්‍රජාව තුළ පැතිර යා හැකි බවද ඔවුහු සඳහන් කරති.

නව සමාජ දුරසථ රීතීන් අනුව පොදු ප්‍රවාහන හා ආපනශාලා භාවිතා කරන පුද්ගලයින් සඳහා මුහුණු ආවරණ අනිවාර්ය වේ.

පුද්ගලයෙකු පොදු ප්‍රවාහනයේ දී මුහුණු ආවරණ පැළඳ නොසිටියේ නම් ඔහුට ඩොලර් 645ක දඩයක් ගෙවීමට සිදුවන බව පොලිසිය පවසයි.

රැස්වීම් පැවැත්විය හැකි සංඛ්‍යාව 4 දක්වා අඩුකර ඇති අතර කායවර්ධන ස්ථාන හා විනෝද ස්ථාන වසා දමා ඇත.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)