හොඳ ආරම්භයක් - බයිඩන්


ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතර එකඟතාවක් ඇති කර ගැනීම සහ හමාස් අත්අඩංගුවේ පසුවුණු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 24 දෙනකුට නිදහස හිමිවීම සුබවාදී ආරම්භයක් යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතර එකඟතාවක් ඇති කර ගැනීම සිදුවූයේ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙනි. කටාර් රාජ්‍යය ඊශ්‍රායල හමාස් අර්බුදයට මැදිහත් කළේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් බව ද වාර්තා වේ.

ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතර එකඟතාවක් ඇති කරගත් එකගතාවට අනුව මේ වනවිට සිවු දින සටන් විරාමයක් ද පැවැත්වෙයි. ගාසා තීරයේ පලස්තීන වැසියන්ට අවශ්‍ය ඉන්ධන ද දිගටම ලබා දීම සිදුවන බව ජනාධිපති බයිඩන් පැහැදිලි කර තිබේ.

(එන්.ඩී.ටීවී)