ලොස් ඇන්ජලීස් නගරය සහ ඒ අවට ප්‍රදේශවල පැතිර යන ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 24 දක්වා ඉහළ ගොස් ඇති බවත්, තවත් 13 දෙනකු ළැව් ගිනි හේතුවෙන් අතුරුදන් බවත් පැවැසෙයි.
මියගිය අය වෙනුවෙන් සොව පළ කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී සටහනක් ද පළ කරමිණි. ළැව් ගින්න හේතුවෙන් මරණ වාර්තාවීම තමන්ට අසන්න ලැබීමත් සමඟ තමන් මහත් සේ ශෝකයට පත්වුණු බව බයිඩන් පවසා ඇත.
මේ අතර, ළැව් ගින්නෙන් විපතට පත්වූවන්ට සහන ලබා දීමටත්, විනාශ වුණු නිවාස සහ ගොඩනැගිලි යළි ඉදි කිරීමටත් අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් වෙන් කිරීමට පියවර ගන්නැයි බයිඩන් කොංග්රස් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.
(ඒ.එෆ්.පී.)