2019-2020 අතර කාලයේ ඕස්ට්‍රේලියාව කැලැඹූ මහා ළැව් ගිනිවලින් මියගිය වන සතුන් ගණන බිලියන 3 කට වඩා වැඩි යැයි ඕස්ට්‍රේලියා රජය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.
මෙලොව සත්ව විශේෂ අතරින්, ඕස්ට්‍රේලියාවට පමණක් ආවේණික සත්ව විශේෂ බොහොමයකි. මෙම සතුන් ලොව වෙන කිසිදු ස්ථානයක දකින්න ලැබෙන්නේ ද නැත.
2019-2020 ඕස්ට්‍රේලියාව කැළැඹූ ළැව් ගිනි තත්ත්වය ඕස්ට්‍රේලියානුවන් හඳුන්වන්නේ ‘බ්ලැක් සමර්’ යනුවෙනි. හෙක්ටයාර් මිලියන 8 ක් ළැව් ගිනිවලින් මුළුමනින්ම විනාශ වී ඇති බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)