ලොව නූතන පුදුම 7 ට ද අයත් වන පේරූ රාජ්‍යයේ, මාචු පීචු නමින් හැඳින්වෙන පුරාණ ඉන්කා නගරයේ නටබුන්, ළැව් ගින්නක් හේතුවෙන් විනාශ වීමේ අවදානමක් හටගෙන තිබේ.
ළැව් ගින්න මේ වනවිට මාචු පීචු නටබුන් තෙක් පැමිණ ඇති බවත් ගින්න නිවා දැමීමටත් පාලනය කිරීමටත් පේරු ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇති බවත් වාර්තා වේ.
මේ වනවිට මාචු පීචු නටබුන් අයත් භූමියට ඔබ්බෙන් හෙක්ටයාර් 20 ක් මුළුමනින්ම ගින්නෙන් විනාශ වී ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)