ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ඒරෙහිව බ්‍රිතාන්‍යයෙත් විරෝධතා


ඇමරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ඒරෙහිව අද (06) බ්‍රිතාන්‍යයේ නගර කිහිපයකම දහස් ගනනකගේ සහභාගීත්වයෙන් විරෝධතා  පැවැත්විණි.

ලන්ඩන්, මැන්චෙස්ටර්, කාඩිෆ්, ලීර් සහ ෂෙෆීල්ඩ් ඇතුළු නගර ගනනාවකම මෙම විරෝධතා පැවැත්වුණු බව වාර්තා වේ.

"යුක්තිය නැත, සාමය නැත සහ කළු ජීවිත වැදගත් යනුවෙන් හඬ නගමින් ඔවුහු විරෝධතාවයේ යෙදුනහ.

"කොවිඩ් - 19ට වඩා විශාල වයිරසයක් ඇති අතර ඒය වර්ගවාදය ලෙස හැඳින්වේ." යනුවෙන් සඳහන් පුවරු ඔසවාගෙන විරෝධතාකරුවෝ ගමන් කළහ.

කොරෝනා හේතුවෙන් මහජන රැස්වීම් වලට ඒරෙහිව පනවන ලද නීති නොතකමින් විරෝධතා සංවිධානය කර තිබිණි.

ලන්ඩනයේ පාර්ලිමේන්තු චතුරස්‍රයේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාවගෙන් වැඩි දෙනකු මුහුණු ආවරණ හා අත්වැසුම් පැළඳ සිටිනු දක්නට ලැබිණි.

බ්‍රිතාන්‍යයේ ලෝක හෙවිවේට් ශූර බොන්සිං ක්‍රීඩක ඇන්තනි ජොශුවා ඔහුගේ උපන්ගම වන වොට්ෆෝර්ඩ් හි විරෝධතාකරුවන් සමග ඒක්විය.

ඉරිදා දිනයේ ග්ලාස්ගෝ, ඒඩින්බර්ග් සහ ඇබර්ඩීන් හි උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතය.

(බීබීසී ඇසුරිණි - 085)