ඇමෙරිකාව ෆ්ලොරීඩා මුහුදු තීරයේ සිදුවුණු බෝට්ටු අනතුරකින්, අතුරුදන් වුණු 39 දෙනකු සොයා ඇමෙරිකන් වෙරළාරක්ෂකයන් මේවනවිට සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.
බහමාස් රාජ්‍යයේ බිමිනි නගරයේ සිට මගීන් 40 දෙනෙකු සමග පැමිණි බෝට්ටුවක් ෆ්ලොරීඩාවේ ෆොර්ට් පියර්ස් වරයාට සැතපුම් 45 ක පමණ දුරින් පෙරලී ඇති බව පවසා දුරකතන ඇමතුමක් උදෑසන 8 ට පමණ ලැබුණු බව මියාමි ප්‍රදේශයේ වෙරළ ආරක්ෂකයින් පවසයි.
මෙම දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා පෙරලී තිබූ බෝට්ටුව ආධාරයෙන් දිවි ගලවා ගත් පුද්ගලයෙක් බේරාගෙන ඇති අතර ඉන් අනතුරුව වෙරළ ආරක්ෂකයන් වෙත දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.
බහමාස් රාජ්‍යයේ සිට පුද්ගලයින් හතලිස් දෙනෙකු සමග පැමිණි මෙම බෝට්ටුව මිනිස් ජාවාරමේ නිරත බෝට්ටුවක් බවට විශ්වාස කරන බව වෙරළාරක්ෂකයෝ පවසති.
‘‘අප බහමාස් වල බිමිනි දූපත් වලින් ආවේ සෙනසුරාදා රෑ මාත් එක්ක තව 39 දෙනෙක් සිටියා. බෝට්ටුව පෙරලුනේ අයහපත් කාලගුණය නිසා අපි එක්කෙනෙක් වත් ජීවිත ආරක්ෂක ජැකට් ඇඳලා හිටියෙ නෑ’’ යැයි මෙම සිද්ධියෙන් දිවි බේරාගත් තැනැත්තා පැවැසුවේය.
වෙරළ ආරක්ෂකයන් පැවසුවේ ෆොර්ට් පියර්ස් සිට බහමාස් දක්වා කිලෝ මීටර් 135 ප්‍රදේශයක් ගුවනින් සහ මුහුදෙන් අතුරුදහන් වූ පුද්ගලයන් 39 දෙනා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවය.
(විමුක්ති එස් රුද්‍රිගු - රොයිටර්)