ෆින්ලන්ත අගමැතිනියට දොස්


සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වුණු වීඩියෝවක් හේතුවෙන්, ෆින්ලන්ත අගමැතිනී 36 හැවිරිදි සන්නා මරීන්ට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් දොස් අහන්න සිදුවී ඇත.

අගමැතිනිය, ඇගේ යහළු යෙහෙළියන් සහ ෆින්ලන්තයේ ජනප්‍රිය තරු කීප දෙනකු ද සමඟ රාත්‍රී සාදයකට සහභාගී වෙමින්, නටමින් ගී ගයමින් විනෝද වන අයුරු වීඩියෝවේ දැක්වෙයි.

විපක්ෂ කණ්ඩායම් චෝදනා කරන්නේ, එම වීඩියෝ දසුන් අනුව, අගමැතිනිය, ඇගේ තනතුරට අගෞරව වන අයු    රින් නටමින් විනෝදවීම අනුමත කළ නොහැකි බවය.

අගමැතිනිය සාදවලට සහභාගී වී මත්ද්‍රව්‍ය භාවිතයට ගන්නවාදැයි සැකයක් පවතින බවත්, ඇය මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට යොමු කළ යුතු බවත් විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසා තිබේ.

පසුගිය ‘කොවිඩ් 19’ වසංගත සමයේ, සෞඛ්‍ය අංශ සීමා පනවා තිබියදී, අගමැතිනිය සන්නා මරීන්, සෞඛ්‍ය නීති උල්ලංගනය කරමින්, රාත්‍රී සමාජ ශාලාවකට ගොස් විනෝද වූවාය. එම සිදුවීම සම්බන්ධයෙන් ඇයට ජනතාවගෙන් සමාව ඉල්ලීමට පවා සිදුවිය.

(බීබීසී)