ෆින්ලන්ත ජනාධිපතිවරණය ඊයේ (12) පැවැත්වුණු අතර, එරට හිටපු අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ස්ටබ් ජනාධිපති ධුරය වෙනුවෙන් තරඟ වැදුණු අතර, ඔහුට විශිෂ්ට ජයක් හිමිවිය.
ඇලෙක්සැන්ඩර් ස්ටබ්, ෆින්ලන්ත අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ 2014 සිට 2015 දක්වා කාලයේය. ඉන්පසු 2015 සිට 2016 දක්වා කාලයේ මුදල් අමාත්‍ය ධුරය හෙබවීය. 2004 වසරේ දී ඇලෙක්සැන්ඩර් ස්ටබ් යුරෝපා පාර්ලිමේන්තුව ද නියෝජනය කළේය.
2024 ජනාධිපතිවරණයේ දී ‘නැෂනල් කොන්සවර්ටිව්’ පක්ෂය ප්‍රමුඛ සන්ධානයට නායකත්වය දුන්නේ ඇලෙක්සැන්ඩර් ස්ටබ් ය. ඊයේ (12) පැවැත්වුණු ජනාධිපතිවරණයෙන්, ඇලෙක්සැන්ඩර් ස්ටබ් සියයට 51 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේය.
(ඒ.එෆ්.පී.)