ෆෙස්බුක් මවු සමාගමේ කොටස් වෙළඳපොල කොටස් වල වටිනාකම පහත වැටී ඇත. ෆෙස්බුක් මවු සමාගම තම සන්නාමය මෙටා ලෙස පසුගිය වසරේ වෙනස් කෙරිණ.
ඉතිහාසයේ ප්‍රථම වරට මෙටා සමාගමේ කොටස්වල අගය 26.4% කින් බ්‍රහස්පතින්දා දින වන විට පහත වැටී තිබුණි.
එම හේතුවෙන් මෙටා සමාගමේ වෙළඳපොල වටිනාකම බිලියන 230 කින් පහත වැටී තිබේ.
මෙය කොටස් වෙළඳපොලේ ඇමෙරිකානු සමාගමකට සිදු වූ විශාලතම පාඩුව ද වේ.
මෙසේ කොටස් අගය පහත වැටීම නිසා ෆෙස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ගේ පුද්ගලික ධනයටද බලපෑමක් එල්ල වී ඇත. ඔහුගේ පුද්ගලික ධනස්කන්දයෙන් අඩු වූ මුදල ඩොලර් බිලියන 30කි.
මෙසේ කොටස් වල වටිනාකම පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඇපල් සමාගම විසින් තම ආරක්ෂණ ප්‍රතිපත්ති ප්‍රකාශය යාවත්කාලීන කිරීම සහ අනෙක් සමාජ මාධ්‍ය වල තරඟකාරීත්වය බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(විමුක්ති එස් රුද්‍රිගු - ද ගාර්ඩියන්)