ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක ‘‘ව්‍යුහාත්මක වර්ගවාදය’’ සහ ‘‘අන් කිසිදු දිනෙක සිදු නොවූ අයුරින් මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් එල්ල වන ප්‍රහාර’’ නිර්දය ලෙස හෙළා දකින් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය ප්‍රකාශ කළාය.
පෙර කිසිදු දිනෙක අත් නොවිඳි අයුරින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක විරෝධතා ආවරණය කරන මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වන බව ද ඇය පෙන්වාදුන්නාය.
ඇමෙරිකා එක්සත් ජනපදය රටක් ලෙස ඉදිරියට යා යුතු නම් නගර සිය ගණනක පැවැත්වෙන විරෝධතාවලට සහභාගී වී සිටින විරෝධතාකරුවන්ගේ හදවත්වලටත් ඔවුන්ගේ දුක් ගැනවිලිවලටත් සවන් දෙමින් ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතු බව මහ කොමසාරිස්වරිය කීවාය.
‘‘නිරායුධ අප්‍රිකානු ඇමෙරිකානුවන් ඝාතනය කිරීම අවසන් කරන්නැයි ඔවුන් ඉල්ලනවා’’ යැයි සඳහන් කළ මහ කොමසාරිස්වරිය ඊට සවන් දිය යුතු යැයි ද සඳහන් කළාය.
චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපතිනිය වන මිචෙල්

රට මේ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට පැහැදිලි සහ අර්ථවත් නායකත්වයක් අවශ්‍ය බව ද මහ කොමසාරිස්වරිය අවධාරණය කළාය.
‘‘විශේෂයෙන්ම මේ වගේ අර්බුදකාරී අවස්ථාවලදී රටක නායකයන් කිසිදු බෙදීමකින් තොරව එකමුතුව වර්ගවාදය හෙළාදැකිය යුතුයි. ජනතාව ඉවසීමේ සීමා නැති ගිය අවස්ථාවකදී නායකයන් වගකීමෙන් වැඩ කරන්න අවශ්‍යයි. ජනතාවට සවන් දිය යුතුයි. අර්බුදවලින් පාඩම් ඉගෙන ගන්න ඕනෑ. ඒ වගේම සියලු දෙනාට සමානව සලකන සාධාරණ සහ සමානත්වය සුරක්ෂිත වන අයුරින් තීන්දු තීරණ සහ ක්‍රියාමාර්ග ගත යුතු’’ යැයි මහ කොමසාරිස්වරිය සඳහන් කළාය.
ඒ.එෆ්.පී.
055