වෛද්‍ය උපදෙස් මත, එලැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා ද නැද්ද තීරණය කරන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.
අසූ එක් හැවිරිදි බයිඩන් මෙසේ පැවැසුවේ, ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වී, අපේක්ෂකත්වය තරුණ අපේක්ෂකයකුට බාර දෙන්නැයි ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂයෙන් දිගින් දිගටම බලපෑම් එල්ල වීම සැලකිල්ලට ගනිමිනි.
“යළි ජනාධිපති ධුරයට ඉදිරිපත් වෙන්න එපා, කායික සහ මානසික වශයෙන් මම දුර්වලයි ජනාධිපති ධුරයට මා සුදුසු නැහැ යැයි මගේ වෛද්‍යවරුන් කියනවා නම්, මම ජනාධිපති ධුරයට ඉදිරිපත් වෙන්නේ නැහැ. මම සුදුස්සකුට ඒක අපේක්ෂකත්වය බාර දෙන්න ලෑස්තියි.” යැයි ජෝ බයිඩන් පැහැදිලි කර ඇත. කෙසේ නමුත් බයිඩන්ගේ කායික සහ මානසික තත්ත්වය දුර්වල යැයි ඔහුගේ වෛද්‍යවරුන් පවසා නැත.
(ඒ.එෆ්.පී.)