‘ඔමික්‍රෝන්’ වැලඳුනොත් දින 3 න් සුවවෙනවා


‘කොවිඩ් 19’ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් අයට, ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය ආසාදනය වුවහොත්, වයිරසය සිරුරේ රැඳී පවතිනු ඇත්තේ දින 3 ක් වැනි කෙටි කාලයකට පමණක් යැයි ප්‍රංශ වෛද්‍යවරු පවසති.

‘ඩෙල්ටා’ විකෘතිය මෙන් නොව, ‘ඔමික්‍රෝන්’ විකෘතිය කඩිනමින් අඩපණ කර දැමීමට පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා ගෙන ‘බූස්ටර්’ එන්නත් මාත්‍රාව ලබා ගත් අයට පහසු වන බව ද ප්‍රංශ වෛද්‍යවරුන් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

(රොයිටර්)