‘කොවිඞ් 19’ වසංගතය පාලනය කර ගැනීමට, තම සෞඛ්‍ය අංශ සමත් වූ බව චීන කොමියුනිස්ට් පක්ෂ රජය පවසයි.
‘කොවිඞ් 19’ වයිරසය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වීම, විශිෂ්ට ජයග්‍රහණයක් යැයි චීන කොමියුනිස්ට් පක්ෂ නායකයන් පවසා තිබේ.
‘චීන දේශපාලන මණ්ඩල ස්ථාවර කමිටුව’ පසුගිය දා රැස්වුණු අවස්ථාවේදී, ‘කොවිඞ් 19’ වයිරසය පාලනය කර ගැනීමට හැකිවීම සම්බන්ධයෙන්, සෞඛ්‍ය අංශ ප්‍රශංසාවට ලක් විය.
‘කොවිඞ් 19’ වයිරසයේ ආරම්භය සිදුවූයේ 2019 දෙසැම්බරයේය. පළමු ආසාදිතයන් වාර්තා වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. වයිරසය ලොව පුරා ව්‍යාප්ත වූයේ 2020 දීය.
2021 වසර වෙද්දී, මුළු ලොවටම තර්ජනයක් වූ වයිරස වසංගතය ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් පාලනය කර ගැනීමට හැකිවිය.
චීනය, ආරම්භයේ පටන් ‘කොවිඞ් 19’ සම්බන්ධයෙන් ඉතා දළදඬු සෞඛ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. චීන රජය එරට වැසියන්ට ලබා දුන්නේ චීනයේ නිෂ්පාදිත ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත්ය. ඒවා ඇමෙරිකාවේ නිෂ්පාදිත ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත් තරම් සාර්ථක වූයේ නැත. බටහිර එන්නත් චීන වැසියන්ට ලබා දීමක් සිදු නොවිණි.
පසුගිය 2022 වසරේ දළදඬු සෞඛ්‍ය නීති සම්බන්ධයෙන් ජනතා විරෝධයක් හටගත්තේය. චීන කොමියුනිස්ට් පක්ෂ රජයට එරෙහි රට පුරා විරෝධතා පැවැත්විණි.
අවසානයේ සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමට රජයට සිදුවිය. ඒ සමඟ චීනය දරුණු ලෙස ‘කොවිඞ් 19’ වසංගතයෙන් බැට කන්න විය. රෝහල් රෝගීන්ගෙන් පිරී යන්නත්, ආදාහනාගාර මළසිරුරුවලින් පිරී යන්නත් පටන් ගත්තේය.
කෙසේ නමුත් චීන මාධ්‍ය වාර්තා කරන ආකාරයට ලොව සෙසු රටවල මෙන් චීනයේ ද ‘කොවිඞ් 19’ වසංගතය පාලනය වී තිබේ.
(එන්.ඩී.ටීවී.)