‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් පැනැවූ සියලු සීමා ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රමුඛ රජය තීරණය කර ඇත.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පුමුඛ රජය මෙම තීරණය ගෙන ඇත්තේ ‘ඔමික්‍රෝන්’ විකෘතියේ බලපෑම අඩුවීමත් සමග සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව එලැඹෙන 23 සිට සීමා ඉවත් කිරීම සිදුවෙයි.
කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනෙන පුද්ගලයන් සඳහා පනවා ඇති අනිවාර්ය ස්වයං නිරෝධායන ක්‍රමවේද සහ ආසාදිතයන් සෙවීමට නොමිලේ සිදු කරන පරීක්ෂණ ද නවතා දැමෙනු ඇත.
නොමිලේ සිදු කරන ‘කොවිඩ් 19’ පරීක්ෂණ නැවැත්වීම අප්‍රේල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇතැයි ද පැවැසෙයි.
‘කොවිඩ් 19’ වසංගතය සමග ජීවත් විය යුතු බවත්, සියලු සීමා ඉවත් කිරීම ඒ අනුව සිදුවනු ඇති බවත් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
කෙසේ නමුත් අග්‍රාමාත්‍ය ජොන්සන් ගත් මෙම තීරණයට කම්කරු පක්ෂය විරෝධය දක්වා ඇත. කම්කරු පක්ෂය යනු බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂ බලවේගයයි.
අග්‍රාමාත්‍යවරයා සිය ජනප්‍රියත්වය වෙනුවෙන් හදිසි තීරණයක් ගත්තේ යැයි කම්කරු පක්ෂයෙන් චෝදනා එල්ල වී තිබේ.
(රොයිටර්)