(ලුසිත ජයමාන්න)
‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමට අයත් ‘වික්‍රම’ යානය, පසුගිය 23 වැනිදා සාර්ථකව සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකට සාර්ථකව පතිත කෙරුණි. ඉන්දියාව මෙම ස්ථානය නම් කර ඇත්තේ ‘ශිව්ශක්ති’ Shivshakti යන නමිනි. සඳුගේ දක්ෂිණ ධ්‍රැවයට පළමු වරට රොබෝ යානයක් පතිත කළ පළමු රට ඉන්දියාවය.
ඊයේ (26) දිනයේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, බෙංගලූරු පිහිටි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, ‘චන්ද්‍රයාන් 3’ පාලන මැදිරියට ISRO Telemetry Tracking and Command Network (ISTRAC) ගොස්, මෙහෙයුමට සම්බන්ධ විද්‍යාඥයන් සියලු දෙනා හමුවී ඔවුන්ට පැතුවේය.
ඉන්පසු මෝදි මාධ්‍යවේදීන් ද හමුවිය. ‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ යානය ගොඩබෑ ස්ථානය ‘ශිව්ශක්ති’ යන නමින් විද්‍යාඥයන් නම් කළ බව මාධ්‍ය හමුවේ අනාවරණය කළේ මෝදිය.
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය 2019 වසරේ දී ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම යටතේ ද ‘වික්‍රම්’ නමින් රොබෝ යානයක් සඳට පතිත කිරීමට උත්සාහ ගත්තේය. එය අසාර්ථක වූ අතර එම යානය සඳට කඩා වැටුණේය. එම කඩා වැටුණු ස්ථානය නම් කර ඇත්තේ ‘තිරංග පොයින්ට්’ Tiranga Point යන නමිනි.