ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් සඳට යැවූ ‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානය සහ ‘ප්‍රාග්යාන්’ රොබෝ රෝවර් යානය රැස් කරගත් දත්ත ඉන්දීය විද්‍යාඥයන්ට ලබාදීම ආරම්භ කර ඇත.
ඊට අමතරව, සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ වීඩියෝ දසුන් සහ ඡායාරූප ද එවමින් සිටී.
සඳුගේ දක්ෂිණ ධ්‍රැවයට රොබෝ යානයක් යැවීමට සමත් වූ පළමු රට වන්නේ ඉන්දියාවය.
‘වික්‍රම්’ යානය සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ උෂ්ණත්වය වෙනස් වන ආකාරය මැන බැලීමක් කර ඇයි ද පැවැසෙයි.
සඳ මතුපිට විවිධාකාරයේ පර්යේෂණ සඳහා විවිධාකාරයේ පර්යේෂණ උපාංග ‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ යානයට සවි කර ඇතැයි ද ඉන්දීය විද්‍යාඥයෝ පැහැදිලි කරති.