‘චිඩෝ’ කුණාටුව ප්‍රංශ දූපත කලඹයි


ඉන්දීය සාගරයේ මැඩගස්කරය අසල පිහිටි, ප්‍රංශයට අයත්, ප්‍රංශ රජයේ පාලනය යටතේ පවතින, මායෝත් දූපත හරහා සුළි කුණාටුවක් හමා ගියේය.

සුළි කුණාටුවට හසුවීමෙන් සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණු බවත් තවත් සිය ගණනක් තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.

ලක්ෂ තුනකට වැඩි පිරිසක් ජීවත් වන මායෝත් දූපතට කඩා වැදුණේ, ‘චීඩෝ’ සුළි කුණාටුවය. කුණාටුව හමා ආවේ පැයට කිලෝ මීටර් 225 ක වේගයකිනි.