දරිද්‍රතාව සහ කුසගින්න නිවාරණය කිරීමේ ප්‍රධාන අරමුණින්, ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවරදී ආරම්භ විය.
සමුළුවේ සත්කාරකත්වය දරන බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, සමුළුවට සහභාගී වුණු ලෝක නායකයන් හමුවේ කියා සිටියේ, පටු අරමුණු පසෙකලා මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් ලෝකය එකමුතු විය යුතු බවය.
ගෝලීය වශයෙන් මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන අභියෝග දේශපාලනික තීන්දු තීරණවල ප්‍රතිඵලයක් බව ද ‘ජී20’ සමුළුව ආරම්භ කරමින් බ්‍රසීල ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.
දේශගුණික විපර්යාසවලින් ලෝකයට එල්ල වන අනිසි බලපෑම සහ දේශගුණික විපර්යාස පිටුදැකීම වෙනුවෙන් ගත හැකි තීන්දු තීරණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි බ්‍රසීල ජනාධිපතිවරයා ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. ‘ජී20’ රටවල රාජ්‍ය නායකයන්, වියෝජිතයන් පමණක් නොව, විදෙස් ඇමැතිවරුන් ද සමුළුවට සහභාගී වෙති.